බරපතලෙ කේස් දෙකක් CID එකට

Crime Branch Criminal Investigation Department Death Murder Latest Headlines Sinhala news
By Mithu May 03, 2025 04:50 PM GMT
Mithu

Mithu

Report

සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

නවකවදය ගැන දැනුම් දීමට සෑම සරසවියකටම නිලධාරියෙක්

මේ සම්බන්ධව පසුගිය 29 වැනි දින සමනලවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (02) දින සමනලවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව අද (03) දින වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඉහත පැමිණිල්ලට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. මේ අතර කොස්ගොඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධව විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීම තිබේ.

චරිත් වෙනුවෙන් සහයට නීතිඥවරුන් එයි...

චරිත් වෙනුවෙන් සහයට නීතිඥවරුන් එයි...

ReeCha