විදෙස් දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් දැලේ

By Gagana News Mar 06, 2025 09:05 PM GMT
Report

රුපියල් 5,880,000ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කාන්තාවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුවන් දෙදෙනාව කටුනායක ගුවන් තොටුපොළේ දී අද (06) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලිසිය සඳහන් කරයි.

42 හැවිරිදි කාන්තාව මෙම දුම්වැටි මෙරටට ගෙන ඒම සඳහා පැමිණි ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , සාජා නුවර මහල් නිවාසයක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව අද අලුයම 12.00 ට ඩුබායි සිටත් සහ පිරිමි පුද්ගලයා අලුයම 04.40 ට සජා නුවර සිටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණූ අතර ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු තුල තිබී විදෙස් දුම්වැටි 39,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 196 ක් හමු වී ඇත.

සැකකරුවන් ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන 12 වනදාට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ යකා නටයි

පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ යකා නටයි

ගාලුපාරේ ලොරියක් ගිලා බහියි

ගාලුපාරේ ලොරියක් ගිලා බහියි