නවගමුවේ කළඹමින් වෙඩි තබා කළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

Report

හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඉකුත් 16 වැනි දින නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බව වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු හා එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.

අද උදෑසන 05.30 ට දිවයිනටම වලංගු නිවේදනයක් - පස්වරු 2න් පසු රටටම බලපැවැත්වේ

අද උදෑසන 05.30 ට දිවයිනටම වලංගු නිවේදනයක් - පස්වරු 2න් පසු රටටම බලපැවැත්වේ

බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී හා නවගමුව පොලිස් වසමේ වඳුරමුල්ල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර එහිදී අපරාධය සිදු කිරීමට සම්බන්ධ යතුරුපැදියද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 29 වයස්වල පසුවන රණාල හා පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

එසේම සිද්ධිය සම්බන්ධව හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි