රටම හෙල්ලූ අකුරෙගොඩ ද්විත්ව ඝාතනයට තවත් දෙදෙනෙක් කොටු
අකුරේගොඩදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දින බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසිනි මොවුන්ට එරෙහි චෝදනාව වනුයේ අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොනරාගල ප්රදේශය දක්වා බස් රථයකින් ප්රවාහනය කිරීමයි .
ඔවුන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්රදේශවල පදිංචිකරුවන් වේ.
එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.
වෙඩි වරුසාවක් තියපු බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් - වෙඩිතබන විටත් වැඩිහිටියන් 9ක් ඇතුළේ
තවද සිද්ධියට අදාළ බස් රථයද විමර්ශන නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ වගේම බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.