අනතුරකින් පසුව වාහනෙත් එක්කම දෙන්නෙක්ව පැහැරගෙන - පැහැරගෙන ගොස් සිදුකළ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Accident
By krishani Oct 03, 2023 04:40 PM GMT
krishani

krishani

Report

අනතුරකින් පසු ලොරි රථයක රියැදුරු සහ එහි සහයකයා අදාළ ලොරි රථය සමඟ පැහැරගෙන ගොස් සිරකර තබා ගැනීමේ පුවතක් වාර්තා වේ.

එම සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි කොහුබත් අපනයනය කරනු ලබන සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ.

ඊයේ (02) දහවල් ඔවුන් දෙදෙනා ලොරි රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

එහිදී පොළොන්නරුව මින්නේරිය - ස්ටේෂන් හංදිය ප්‍රදේශයේ දී කැබ් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

එහිදී කැබ් රථයේ පැමිණි පිරිස ලොරි රථයේ රි‍යැදුරු සහ සහායකයා මඩාටුගම ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට පැහැරගෙන ගොස් එහි සිරකර ගෙන තිබෙනවා.

ඒ නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව හානිපූර්ණයට අදාළ මුදල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ය.

කෙසේ වෙතත්, අදාළ කොහුබත් සමාගමේ ප්‍රවාහන කළමනාකරු පොලිසියට පැමිණිලි කර සිය සේවකයින් සිටි ස්ථානය සොයාගෙන තිබෙනවා.

ReeCha