යන්න කිව්වේ වැරදීමකින්.. ආයෙත් එන්න සමාගමක් සේවකයන්ට දැනුම්දෙයි..
By Sithumi
සේවකයින් රැසක් රැකියාවලින් ඉවත් කළ ට්විටර් සමාගම එලෙස සේවයෙන් ඉවත් කළ පිරිසකට යළි සේවයට පැමිණෙන්නැයි දැනුම් දී තිබෙනවා ඒ බව විදෙස් වාර්ථා පවසයි ඇතැම් සේවකයින්ව එලෙස යළි කැදවා ඇත්තේ අත්වැරදීමකින් සේවයෙන් ඉවත් කළ බවට දන්වා යවමින් බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
එම සේවකයින් ආයතනයට අවශ්‍ය බවට කළමණාකාරීත්වය විසින් ඔවුන්ට දන්වා ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔවුන්ව සේවයෙන් ඉවත් කර දින 2කට පසුවයි අදාළ සේවකයින් පිරිසට යළි සේවයට වාර්තා කරන ලෙස දන්වා යවා ඇත්තේ.
කෙසේවෙතත් ට්විටර් සමාගම විසින් එලෙස සේවයට කැදවා ඇත්තේ කොපමණ සේවකයින් පිරිසක්ද යන්න නිශ්චිතව අනාවරණය කර නැත.
ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් ඉකුත් දා ට්විටර් සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එහි ශ්‍රම බළකායෙන් සියයට පනහක් ඉවත් කිරීමට තීරණය කර තිබුණා