8 වසරේ දී සාපෙළජයගත් නිවුන් දරුවන්. - ඔවුන් විභාගයට පෙනී සිටිය විදිහ ගැන කියපු කතාව.

G.C.E. (O/L) Examination Education
By Wayomi Oct 02, 2024 09:34 AM GMT
Wayomi

Wayomi

Report

 වයස අවුරුදු 13දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉතා ඉහළින් එම කඩඉම ජයගත් නිවුන් දරුවන් දෙදෙනෙකු පිළිබඳව පුවතක් වාර්තා වුණා.

ඒ, කළුබෝවිල ප්‍රදේශයෙන්.

මෙම නිවුන් දරුවන් දෙදෙනාගෙන් දියණිය වන ඩබ්.පී.පී. නිතිකා සාධ්‍යා නුගේගොඩ ශාන්ත ජෝන් (කාන්තා) විද්‍යාලයේ 8 වසරෙහි ඉගෙනුම ලබමින් සිටියදී පසුගියදා පැවති අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට මුහුණ දී අධි සම්මාන හතක් සහ සම්මානයක් සමඟින් විභාගය සමත්ව තිබෙනවා.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.

හිටපු ජනාධිපතිවරුන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රසාද ඉවත් කරන ක්‍රමය ගැන පැහැදිලි කිරීමක්.


එමෙන්ම ඇයත් සමඟ එම විභාගයට මුහුණදුන් ඇයගේ නිවුන් සහෝරයා වන කොළඹ ඉසිපතන විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩබ්.පී.පී. නිශාන් සහජිත් සිසුවා ද අධි සම්මාන සහ සම්මාන සහතික ලබා ගනිමින් විභාගය සමත්ව ඇත.

ඔවුන් නුගේගොඩ කළුබෝවිල ඇන්ඩර්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම දරුවන් දෙදෙනා අඩු වයසකින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීම සඳහා අදාළ පාසල්වලින් නීත්‍යානුකූලව ඉවත් වීමෙන් පසු පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ මඟපෙන්වීම මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව එම නිවුන් දරුවන් දෙදෙනාගේ පියා වන ඩබ්. පී. පී. නිශාන්ත මහතා කියා සිටියා.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.


මේ අතර මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ නිතිකා සාධ්‍යා දියණිය,

"තාත්තා තමයි මට කියලා දුන්නේ ඉස්කෝලෙ 11 වසරට යන්න කලින් මේ විදිහට විභාගෙට ලියන්න පුළුවන් කියලා. මට ආස හිතුනා ඒ හින්දා. මල්ලිත් ලියනවා කිව්වා. ඊට පස්සේ අපි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ යටතේ ඉගැන්වීම් කටයුතු කළා. මේ ලබාගත්ත ජයග්‍රහණය ගැන මට හුඟක් සතුටුයි. උසස් පෙළ ගණිතය අංශයෙන් මුහුණදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මම පරිගණක තාක්ෂණික පැත්තටත් කැමතියි. ඉගෙනුම් කටයුතුවලින් පසු පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි."

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.


තමන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳ අදහස් දැක්වූ නිශාන් සහජිත් පුතු,

"අපි අට වසරේ ඉන්නැද්දිම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමුද කියලා අක්කා මගෙන් ඇහුවා. එයත් මා එක්ක විභාගය ලියන නිසා මටත් ආසා හිතුනා. ඒ ගමන අපි දෙන්නම එකට පාඩම් කළා. මටත් වැඩිය හොඳට අක්කගේ ප්‍රතිඵල තියෙනවා. අපි දෙන්නම විභාගය සමත් වෙච්ච එක ගැන මට හුඟාක් සතුටුයි. මගේ අම්මා, තාත්තා හුඟාක් උදව් කළා අපිට මේ ජයග්‍රහණය ලබාගන්න. ඒ වගේම අපිට උගන්වපු ගුරුවරුත්. මේ වන විට මම ලන්ඩන් උසස් පෙළ විභාගයට ඉගෙන ගනිමින් ඉන්නවා. අක්කා වගේම මමත් පරිගණක තාක්ෂණවේදියෙකු ලෙස කටයුතු කරන්න කැමතියි. අපිට උදව් කරපු ගුරුවරු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා."

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්තරේ ලීක් වුන එකට මාලිමාවත් හවුල්ද? - ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධි ගැන තවත් විශේෂ හෙළිදරව්වක්. - (VIDEO)


ReeCha