තව ලොක්කෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවූ වාහන අනීතිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

ළමුන් මිලියන ගණන් මිය යයිද? අමානුෂික වන ඩොනල්ඩ් ට්‍රම්ප්

ටොයොටා වර්ගයේ ජීප් රථයකට අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම ලියාපදිංචියට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දුන් හිටපු සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම, සහ එම දත්ත ඇතුළත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූ ලිපිකරු ධම්මික නිරෝශන් යන තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (01) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර,සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසම පවසයි.

මෙම සිදුවීම රාජ්‍ය ආයතනවල විනිවිදභාවය සහ වගවීම පිළිබඳව මහජන අවධානය යොමු කර ඇති අතර, විමර්ශනවල ඉදිරි ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් තොරතුරු අපේක්ෂා කෙරේ.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්