බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

Sri Lanka Police Driving Licence Law and Order Sinhala news Breaking News
By Kaushi Jul 01, 2025 09:02 AM GMT
Kaushi

Kaushi

Report

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් පාසල් නිල ඇඳුමෙන් සැරසී, හිස් වැසුම් පැළඳීමෙන් තොරව මෙන්ම වලංගු රියැදුරු බලපත්‍රයක් නැතිව යතුරුපැදි ධාවනයේ යෙදෙන පාසල් සිසුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව ප්‍රකාශ කර ඇත.

එසේම මෙවැනි තත්ත්වයන්වලදී ඇතැම් දෙමාපියන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විශේෂ අවධානයක් යොමු කර ඇති බව සඳහන්.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

ඒ අනුව තමන් හිස් වැසුම් පැළඳ, තම දරුවා කිසිදු ආරක්ෂාවකින් තොරව යතුරුපැදියේ රැගෙන යාම ඔස්සේ එම දරුවාගේ ජීවිතය බරපතළ අනතුරකට හෙළීමට දෙමාපියන්ම කටයුතු කරන බවට ඔහු පවසයි.

මේ වන විට බාලවයස්කාර, එනම් රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නීත්‍යානුකූලව සුදුසුකම් නැති පාසල් සිසුන් වගේම, වයස සම්පූර්ණ වුවද බලපත්‍රයක් නොමැති තරුණ සිසුන් ද හිස් වැසුම් නොමැතිව මාර්ගවල ඉතා වේගවත්ව සහ නොසැලකිලිමත් ආකාරයෙන් යතුරුපැදි ධාවනය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

මුතුගල සර් මේ වගේ කෙනෙක්ද ? අපි හිතන් හිටියා වැරදියි රු.මිලියනයක් ?

මේ හේතුව නිසා සෙසු මගීන් මෙන්ම රියැදුරන් ද දැඩි අපහසුතාවකට සහ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පා සිටින බව හේවාපතිරණ මහතා ප්‍රකාශ කර ඇත.

එනිසා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කරමින් පැවසුවේ අඳාළ තත්ත්වය පාලනය කිරීමට කිසිදු තරාතිරමක් නොබලා අදාළ නීතිය ක්‍රියාත්මක කරන මෙන් තමා පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

මහාචාර්ය මාලනීයත් යන්නම ගිහින්

එමෙන්ම මූලික අවවාද කිරීම් ඔස්සේ අඳාළ තත්ත්වය පාලනය කරගැනීමට උත්සාහ කළද, එය සාර්ථක නොවන්නේ නම් වහාම නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවරා ඇති බවද ඔහු පවසා ඇති බව සඳහන්.

ලීක් වූ හඬපටයෙන් අගමැතිනියගේ වැඩ තහනම්

ලීක් වූ හඬපටයෙන් අගමැතිනියගේ වැඩ තහනම්

ReeCha