විද්‍යුත් වීසා - ඉලුක්පිටිය සියල්ල වමාරයි - වරද පිළිගනී
Bribery Commission Sri Lanka
Law and Order
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Shehan
විද්‍යුත් වීසා (e-Visa) නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා, එම චෝදනාව කොන්දේසි විරහිතව පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) ප්‍රකාශ කළේය.
ඒ අනුව, ඔහුට දඬුවම් නියම කිරීම 2025 ජුලි 24 වනදා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.
මෙම නඩුව ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන ක්‍රියාවලියේ විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් මහජන අවධානය යොමු කර ඇති අතර, අධිකරණයේ තීන්දුව රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයට බලපෑ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
