ලීක් වූ හඬපටයෙන් අගමැතිනියගේ වැඩ තහනම්

Report

තායිලන්තයේ අගමැතිවරිය වන පේටොංටාර්න් ෂිනවත්‍රා මහත්මියට එරෙහිව කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ සිදුකළ බවට පැවසෙන දුරකථන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් ඇයගේ රාජකාරි තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංවාදයේදී ඇය තායි හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විවේචනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, එම හඬපටය මහජනතාව අතර දැඩි කලකලාවක් ඇති කර තිබේ. ඒ හේතුවෙන් ඇයව අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පෙත්සමක් තායිලන්ත අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එය මේ වන විට සලකා බලමින් පවතී.

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

38 හැවිරිදි Paetongtarn Shinawatra, තායිලන්තයේ ලාබාලතම අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක්වන අතර, ඇගේ නැන්දනිය වූ Yingluck Shinawatraට පසුව එම ධුරයට පත්වූ දෙවැනි කාන්තාවද වේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, පසුගිය දශක දෙක තුළ තායි දේශපාලනයේ බලවත් Yingluck Shinawatra වංශයේ තුන්වන දේශපාලනඥයා ලෙස ඇය තම ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වීමේ අවදානමකට මුහුණ දී සිටී.

ඇයගේ ධුරයේ පුරප්පාඩුව සඳහා Suriya Juangroongruangkit මහතා තායිලන්තයේ වැඩබලන අගමැතිවරයා ලෙස පත්කර ඇත.

රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

රනිල් නිසයි රට බේරුණේ අනුර කුමාරත් ඒ පාරෙම යනවා - මහින්ද කියන කතාව

තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේදාත්මක චොං බොක් දේශසීමාව ආසන්නයේ පසුගිය මැයි 28 වනදා සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය යාමත් සමඟ දෙරට අතර ගැටුම් තීව්‍ර වී තිබේ. මෙම සිදුවීමෙන් පසු කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන පලතුරු සහ එළවළු තහනම් කිරීමටත්, තායි චිත්‍රපට රූපවාහිනියේ සහ සිනමා ශාලාවල ප්‍රදර්ශනය තහනම් කිරීමටත්, එක් දේශසීමා මුරපොළක් වසා දැමීමටත් පියවර ගෙන ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

මෙම තත්ත්වය තායිලන්තය සහ කාම්බෝජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපෑම් කර ඇති අතර, තායි අගමැතිවරියගේ වැඩ තහනම එරට දේශපාලනික ස්ථාවරත්වයට බලපෑ හැකි බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙති.