ඉතාලියේ වැඩ කරන්න කැමතිද? වර්ක් වීසා ලක්ෂ 5ක් නිකුත් කිරීමට සැලසුමක්

Immigration Italy Visa-Free Entry Sinhala news gagana news
By Shehan Jul 01, 2025 10:21 AM GMT
Shehan

Shehan

Report

ඉතාලියේ ශ්‍රමික හිඟයට පිළියමක් ලෙස යුරෝපීය නොවන රටවලින් සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා “වර්ක් වීසා” ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් 2026 සිට 2028 දක්වා නිකුත් කිරීමට ඉතාලි කැබිනට් මණ්ඩලය සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත.

2026 වසරේදී වර්ක් වීසා 164,850ක් නිකුත් කිරීමටත්, 2028 වන විට එම සංඛ්‍යාව 497,550 දක්වා, එනම් ලක්ෂ පහකට ආසන්න මට්ටමකට ඉහළ නැංවීමටත් ඉතාලි රජය බලාපොරොත්තු වේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ඉතාලියට පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි.

තව ලොක්කෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

තව ලොක්කෙක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනිගේ දක්ෂිණාංශික සන්ධාන රජය 2022දී බලයට පත්වූවායින් පසු නීතිවිරෝධී සංක්‍රමණයට එරෙහිව දැඩි පියවර ගත්තද, 2023 සිට 2025 දක්වා ක්‍රියාත්මක වූ සමාන වැඩපිළිවෙළක් යටතේ වර්ක් වීසා 450,000ක් නිකුත් කර ඇත. එසේම, නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහාම පිටුවහල් කිරීමටත්, මධ්‍යධරණී මුහුද හරහා දුෂ්කර ගමන්වල යෙදෙන සංක්‍රමණිකයන්ට රැකවරණය සපයන සංවිධානවල ක්‍රියාකාරකම් සීමා කිරීමටත් රජය පියවර ගෙන ඇත.

රන් මිල නැවත ඉහළට – මෙන්න ගණන් විස්තර

රන් මිල නැවත ඉහළට – මෙන්න ගණන් විස්තර

ඉතාලියේ ජනගහණය මිලියන 60කට ආසන්න වන අතර, ජනගහණය වයස්ගත වීම සහ උපත් අනුපාතය පහත වැටීම හේතුවෙන් යුරෝපයේ තුන්වැනි විශාලතම ආර්ථිකයට ශ්‍රමික හිඟයක් ඇතිව තිබේ. 2024 වසරේදී ඉතාලියේ උපත් සංඛ්‍යාවට වඩා මරණ 281,000කින් ඉහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ජනගහණය 37,000කින් ශුද්ධ ලෙස අඩුවී ඇත.

ඉතාලි පර්යේෂණ ආයතනයකට අනුව, 2050 වන විට ජනගහණ පහත වැටීමේ ප්‍රවණතාවට එරෙහිව සටන් කිරීමට අවම වශයෙන් විදේශ සංක්‍රමණිකයන් මිලියන 10ක් ඉතාලියට අවශ්‍ය වනු ඇත. මෙම වීසා වැඩසටහනේදී, ව්‍යාපාරික අවශ්‍යතා සහ ඉතාලි වැසියන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් වීසා සංඛ්‍යාව තීරණය කර ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ReeCha