ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් තුර්කියට

By Sithumi Mar 03, 2023 03:00 PM GMT
Sithumi

Sithumi

Report

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා 3 වන වෛද්‍ය කණ්ඩායමත් පිටත් කර හරින බව ජපාන විදේශ අමාත්‍යාංශය පවසනවා.

සාමාජිකයින් 41 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායමට වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය සම්බන්ධීකාරකවරුන් ඇතුළත් වන බවයි ජපාන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. තුර්කිය යළි යථා තත්ත්වයට පත් කරන තෙක් අඛණ්ඩව ජපානයේ සහය ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉතිහාසයේ සිදු කරන ලද සිය විශාලතම විදේශීය වෛද්‍ය මෙහෙයුම තුර්කිය තුළ දැනටමත් ආරම්භ කර ඇති ජපානය සහන කණ්ඩායම්වලට අමතරව ආධාර තොගයක් ද තුර්කිය වෙත ප්‍රදානය කර තිබෙනවා.