දේශපාලන ලොක්කෙක් වෙඩි තබා මරපු සිද්ධියක සැකකරුවෙකු අත්අඩංගුවට

Report

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කරයි.

ඒ අනුව 2022.08.02 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී මෙම ඝාතනය සිදුකර තිබුණා.

විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් ක්‍රියා කළ සැකකරුව මෙසේ ඊයේ (25) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී බව සඳහන්.

ලොක්කෙක්ගේ ගෝලයෙක්ට දරුණු ප්‍රහාරයක්

ලොක්කෙක්ගේ ගෝලයෙක්ට දරුණු ප්‍රහාරයක්

එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන ඇත.

මෙම සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු 02ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

බරපතළ සැකයක් - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න හිටපු හමුදාපතිවත් ගෙන්වයි

බරපතළ සැකයක් - පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න හිටපු හමුදාපතිවත් ගෙන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසෙන් කුලී ගෙදරක පදිංචියට යයි - ගිය හේතුව මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කාල්ටන් නිවසෙන් කුලී ගෙදරක පදිංචියට යයි - ගිය හේතුව මෙන්න