ට්‍රම්ප්ගෙන් ඉරානයට රතු එළියක් – දැඩි ප්‍රහාරයක් අත ළඟ?

Report

ඉරානයට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මාසයක පමණ කාලයකින් පසු ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් ගැටුම් හටගෙන ඇති පසුබිමක ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකර ඇත.

විරෝධතාකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉරාන නායකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවද ට්‍රම්ප් පවසා තිබේ. එමෙන්ම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව වගකීම භාර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

එක් රාත්‍රියක් තුළ නෞකා 30ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට සහාය ලබාදීමට කටයුතු කරන බවද ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ඊයේ දිනයේදී ඇමෙරිකාව විසින් ඉරානයේ ලාරක් දූපත වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ජෝර්දානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

මැදපෙරදිග අර්බුදය යළි උණුසුම් වෙයි- ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

මැදපෙරදිග අර්බුදය යළි උණුසුම් වෙයි- ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට