වන අලින්ට එල්ලවන තර්ජන සම්බන්ධව විමර්ශනයක් ඉල්ලයි

Report

කාවන්තිස්ස ඇතාගේ මරණය සහ මෙරට වන අලින්ට එල්ල වන තර්ජන පිළිබඳව පුළුල් හා කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පරිසර අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පතිවරයා වෙත අද (18) නිල පැමිණිල්ලක් ගොනු කර තිබේ.

වන අලි සම්පත ඉලක්ක කරගනිමින් කිසියම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් හෝ සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න අනාවරණය කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

අධ්‍යාපනයේ අලුත් විෂයමාලා වෙනසක් අගමැතිනිය හෙළිකරයි - ''ලබන වසරේ 2 සහ 6 ශ්‍රේණිවලට නව විෂයමාලා''

කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ රට හමුවේ දැඩි කම්පනයක් සහ සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර, වන අලින්ට වෙඩි තැබීම ඇතුළු විවිධ උපක්‍රම මඟින් සිදු කරන ඝාතන ජෛව විවිධත්වයට හා වනජීවී සංරක්ෂණයට එල්ල වන දැවැන්ත තර්ජනයක් බව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමු කළ ලිඛිත ඉල්ලීමේ දැක්වේ.

මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය කිරීම අද

මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය කිරීම අද

මෙම අපරාධයට සම්බන්ධ සියලු වගකිවයුත්තන් නොපමාව හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීම සඳහා විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසත්, එහි ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශය නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත් එම පැමිණිල්ල මඟින් අවධාරණය කර ඇත.

එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එකතු වී වන සතුන්ට සිදු කරන හිරිහැර වැළැක්වීමට දැනටමත් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.