ට්‍රම්ප් හා කියයිද? - ශ්‍රී ලංකා නියෝජිතයින් සහ අමෙරිකානු නිලධාරීන් අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තීරු බදු ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ ඊයේ (22) වොෂින්ටන් නගරයේදීය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සහභාගී වූයේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාය.
අමෙරිකානු පාර්ශ්වයෙන් සාකච්ඡාවට එක්වූවේ අමෙරිකානු වෙළඳ නියෝජිතායනතයේ ප්‍රධානියා සහ ඔහුගේ නිලධාරීන් පිරිසකි.
සාකච්ඡාව සාර්ථකව, ඵලදායී ලෙස අවසන් වූ බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.