ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් වන දුප්පත් රටවල් ටික

Report

 අන්‍යොන්‍ය තීරුබදුවලින් ලොව දුප්පත් ම රටවල් 28ක් නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත.

අමෙරිකන් වෙළෙඳපොළ පරතරයට එම රටවල් 28 සියයට 0.1ක් පමණ බලපෑමක් පමණක් සිදුකරන බැවින් එම දුප්පත් රටවල් සඳහා අන්‍යොන්‍ය තීරුබදු පැනවීමෙන් නිදහස් කරන ලෙස එම සංවිධායන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ.

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

පාස්කු ප‍්‍රහාරය ගැන නාමල්ගෙන් විශේෂ හෙලිදරවුවක්

කෙසේ වෙතත් මෙම රටවල් 28 ලයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොමැත. මැඩගස්කරය, මියන්මාරය, ලාඕසය, මරුටීස්, නැමීබියාව ඇතුළු රටවල් 28ක් එම එක්සත් ජාතීන්ගේ ලයිස්තුවට ඇතුළත් වේ.

මියන්මාරය මෙම අවස්ථාවේ භූමි කම්පාවෙන් පීඩාවට පත්වී ඇති බවත් මැඩගස්කරය, ගානාව වැනි රටවල් එක්සත් ජනපදයට අවශ්‍ය වන කෘෂිකාර්මික නිෂ්පාදන සුළු පරිමාණයෙන් අපනයන කරන බවත් එක්සත් ජාතීන්හේ සංවිධානය අමෙරිකානු ජනාධිපතිට පෙන්වා දී ඇත.

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

හැකරුන් ගත් අපේ Data Share කරන උන්ට වැඩ වරදී - කාගිල්ස් බැංකුවෙන් මහ ජනතාවට දැනුම්දීමක්!

ආර්ථික වශයෙන් දැඩි පීඩාවකට ලක්වී ඇති බැවින් එම රටවලට තීරුබදු පැනවීම දරාගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකන් ජනාධිපතිට පෙන්වා දී ඇත.