සාම සාකච්ඡා උඩින් තියලා ට්‍රම්ප් ඉරානේ ගොඩබිමෙන් අල්ලන්න ප්ලෑනක්

Report

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සාමය පිළිබඳ ලෝක අවධානය යොමු කරවන අතරතුරම, ඉරානය ඉලක්ක කරගත් සති කිහිපයක දැවැන්ත ගොඩබිම් ආක්‍රමණයක් සඳහා සූදානම් වන බව වොෂිංටන් පෝස්ට් (Washington Post) පුවත්පත වාර්තා කර තිබේ.

මෙම යුද සැලසුම යටතේ ඉරානයේ උපායමාර්ගිකව වැදගත් කර්ග් දූපත (Kharg Island) සහ හෝමුස් (Hormuz) වෙරළබඩ කලාපයන් අල්ලා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

කෙසේ වෙතත්, මෙම මෙහෙයුමේ අරමුණ ඉරානය සම්පූර්ණයෙන් ආක්‍රමණය කිරීම නොව, විශේෂ බලකායන් සහ සාම්ප්‍රදායික පාබල හමුදා යොදවා සිදු කරන දැඩි ප්‍රහාරාත්මක වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කිරීම බව පුවත්පත පෙන්වා දෙයි.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ලෝක බලශක්ති සැපයුමට තීරණාත්මක කලාපයන්හි පාලනය නතු කර ගැනීම මෙහි එක් ඉලක්කයක් විය හැකිය.

අනිද්දා සිට තෙල් අපනයනය තහනම් - රුසියාවෙන් දැඩි තීරණයක්

අනිද්දා සිට තෙල් අපනයනය තහනම් - රුසියාවෙන් දැඩි තීරණයක්

මෙම ආක්‍රමණික සැලසුම් සඳහා පෙන්ටගනය විසින් අවශ්‍ය මූලික අවස්ථාව සලසා දී තිබුණද, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙතෙක් ඒ සඳහා සිය අවසන් අනුමැතිය ලබා දී නොමැති බව ද වාර්තා වේ.

කලාපීය බලවතුන් අතර පවතින මෙම නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව මෙන්ම ගෝලීය ආර්ථිකය ද දැඩි අවදානමකට ලක්ව තිබේ.