සියල්ල නොසන්සුන් කරමින් ගල්ෆ් කලාපයට මිසයිල වැස්සක්

Report

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් ප්‍රබල රාජ්‍යයන් කිහිපයක් ඉලක්ක කර ගනිමින් අද (29) උදෑසන එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපය පුරා දැඩි යුදමය උණුසුමක් හටගෙන තිබෙන බවට වාර්තාවේ.

අල්ජසීරා පුවත් සේවයට අනුව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ බහරේනය යන රටවල් මෙම හදිසි ප්‍රහාරයිට  මුහුණ දී ඇත.

විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නවීන ගුවන් ආරක්ෂක පද්ධති වහාම ක්‍රියාත්මක කර ඇති අතර, එරට ඉලක්ක කර පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් ගුවනේදීම සාර්ථකව විනාශ කිරීමට හැකි වූ බව නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම ප්‍රහාරත් සමඟ කුවේටය සහ බහරේනය පුරා අද උදෑසන හදිසි අනතුරු ඇඟවීමේ නාද (Sirens) නාද වූ අතර, එමගින් ජනතාව අතර විශාල නොසන්සුන්තාවයක් සහ භීතියක් හටගෙන ඇති බව වාර්තා වේ.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මෙම තත්ත්වය හමුවේ සමස්ත ගල්ෆ් කලාපයම මේ වන විට සිය උපරිම ආරක්ෂක සූදානමක (High Alert) පසුවන අතර, කලාපීය බලවතුන් අතර යුදමය වාතාවරණයක් නිර්මාණය වීමේ අවදානමක් ද මතු වී තිබේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති වුවද, මෙය කලාපීය ස්ථාවරත්වයට එල්ල වූ බරපතළ අභියෝගයක් ලෙස ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

මැදපෙරදිග ගැටුමට හවුති මැදිහත්වීම ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට සජිත් අනතුරු අඟවයි

මැදපෙරදිග ගැටුමට හවුති මැදිහත්වීම ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට සජිත් අනතුරු අඟවයි