ඖෂධ මීලදී ගැනීමේදී සැලකිළ්ලෙන් - මහා ජාවාරමක සුළ මුල එළියට

Report

රාජ්‍ය ආයතනයක නාමය සහ නිල ලාංඡනය අවභාවිත කරමින්, පාරිභෝගිකයින් නොමඟ යවමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ඖෂධ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) සමත්ව ඇත.

ඒ අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේදීය.

අදාළ වංචනික ආයතනය විසින් රජයේ නිල ලාංඡනය සහ සංස්ථා නාමය ව්‍යාජ ලෙස යොදාගනිමින්, ප්‍රමිතියෙන් තොර ඖෂධ නිෂ්පාදන සැබෑ රජයේ නිෂ්පාදන ලෙස පෙන්වා අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ජනතාවගේ සෞඛ්‍යය සමඟ සෙල්ලම් කරමින් සිදුකරන මෙවැනි ජාවාරම් මැඩලීමට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව බලධාරීහු අවධාරණය කරති

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

මීට අමතරව, වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හමුවේ සහල් තොග සඟවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ වෙළෙඳසැල් දෙකකට එරෙහිව ද නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

උත්සව සමයේ භාණ්ඩ හිඟයක් මවාපාමින් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් තවදුරටත් දැඩි කර ඇත.

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න

වෙරළට අසළ මුහුදු ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට අනතුරු ඇගවීමක් - දැනුවත් වෙන්න