ඉරානෙන් බහරේනයට ප්‍රහාර - මුහුදු ගමන් සියල්ල තහනම්
ඉරානයෙන් එල්ල වන අඛණ්ඩ ප්‍රහාර සැලකිල්ලට ගනිමින් බහරේන වෙරළ තීරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මුහුදු ගමන් තහනමක් පැනවීමට බහරේන රජය පියවර ගෙන තිබේ.
බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පවතින තත්ත්වය එරට පුරවැසියන්ගේ මෙන්ම පදිංචිකරුවන්ගේ ද ආරක්ෂාවට බරපතළ අවදානමක් (Serious Risks) එල්ල කරන බැවින් මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව සෑම දිනකම දේශීය වේලාවෙන් පස්වරු 6.00 සිට පසුදින අලුයම 4.00 දක්වා බහරේන මුහුදු සීමාව තුළ ගමන් කිරීම සපුරා තහනම් වන අතර මෙම නියෝගය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බව සඳහන්.
ඉරානය විසින් සිදු කරනු ලබන බව කියන ආක්‍රමණශීලී ක්‍රියාකලාපයන්ට එරෙහිව සිය ස්වෛරීභාවය සහ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මෙම සීමාවන් පනවා ඇති බවත්, මුහුදු මාර්ගයෙන් සිදුවිය හැකි ඕනෑම අනවසර ඇතුළුවීමක් වැළැක්වීම මෙහි මූලික අරමුණ බවත් බහරේන බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.