මහපාරේ වැඩ දදා රේස් පැද්ද තරුණයින් පිරිසක් පොලීසියට කොටු

Report

පිලියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ, මුදලට ඔට්ටු අල්ලමින් යතුරු පැදි සහ තීරෝද රථ තරග පැවැත්වූ තරුණයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල පොලීසිය සදහන් කරන්නේ අද (29) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවේ දී ඔවුන් සතුව තිබූ යතුරු පැදි 12 ක් හා ත්‍රී රෝද රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇත .

පොලිසියට අනාවරණය වී ඇත්තේ කැස්බෑව විකල්ප මාර්ගයට ඊයේ (28) රාත්‍රී 7.30 ට පැමිණෙන ලෙස වට්සැප් සමූහයක් හරහා කරන ලද දැනුම්දීමකට අනුව එම පිරිස අදාළ ස්ථානයට පැමිණ මෙලෙස නීති විරෝධිව තරග පවත්වා තිබෙන බවයි.

මැදපෙරදිග ගැටුමට හවුති මැදිහත්වීම ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට සජිත් අනතුරු අඟවයි

මැදපෙරදිග ගැටුමට හවුති මැදිහත්වීම ශ්‍රී ලංකාවට බලපෑ හැකි බවට සජිත් අනතුරු අඟවයි

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව ගම්වාසීන්ගේ ද සහාය ඇතිව මෙම තරග පවත්වන ආකාරය වීඩියෝ කර පසුව මාර්ග අවහිර කරමින් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත .

එම අවස්ථාවේදී කීපදෙනකු සිය යතුරුපැදි අත්හැර දමා පලාගොස් තිබුණි පොලීසිය සදහන් කළේ පොලිස් භාරයට ගත් සමහර යතුරුපැදිවල දෙදෙනා බැගින් ගමන් තිබෙන බවයි .

මෙලෙස   අත්අඩංගුවටගත් තරුණයන් මත්ද්‍රව‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා නීයමිතව ඇත.

ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක්

ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක්

 සැකකරුවන් සමඟ යතුරුපැදි හා ත්‍රී රෝද රථ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 මේ සම්බන්ධව පිළියන්දල පොලීසිය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.