ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා - රංගන ශිල්පී කවිහාරීගෙන් ආන්දෝලාත්මක කතාවක් එළියට [PHOTOS]
නව පරපුරේ ජනප්රිය රංගන ශිල්පිනියක් වන කවිහාරී හපුතන්ත්රි කියන්නේ බොහෝ දෙනාගේ ආකර්ෂණය ආදරය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක්.
ටික කලක් කලාවෙන් ඈත්ව සිටි ඇය මේ වනවිට නැවතත් කලාවට අවතීර්ණ වී තිබේ.
ජානු ටෙලි නිර්මාණය හරහා ප්රේක්ෂකයන් හමුවට ආ ඇය වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඉතා ආන්දෝලාත්මක හෙළිදරව්වක් සිදු කර තිබේ.
එහිදී කලාකාරිනියක් ලෙස ඇය මුහුණ දුන් සිදුවීමක් ගැන විස්තර කර තිබුණේ මෙසේය.
“ මට එන්න කීවා Meeting එකකට One Galle face එපාර්ට්මන්ට් වලට තව ලේඩීස්ලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. තව ගෑනු අයත් ඉන්නවා කියපු නිසා මම OK කියලා හිටියා. මීටින් එකට කලින් දවසේ කීවා එක්කෙනෙක්ට එන්න හම්බ වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ මීටින් එක දවසේ උදේ කීවා අනිත් කෙනත් නෑ කියලා. එතනින් පස්සේ මම බ්ලොක් කලා. පහුගිය කාලේ මට ෆිල්ම් 3කට කතා කලා. ඒ කතා කරපු ඩිරෙක්ටර්ස්ලා 3 දෙනාම මට රෑට වීඩියෝ කෝල් ගන්නවා. මං කියන්නෙ ඒවගේ දේවල් තියෙනවා. තමන් දැනගන්න ඕනෙ ඒ වගේ දේවල් වලින් වැලකිලා රිජෙක්ට් කරලා ඉන්න.”



