ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රජයේ ආර්ථික කළමනාකරණය කෙරෙහි පවතින විශ්වාසය ගිලිහී යාම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක් කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු පවසන්නේ වෙළඳපොළ ප්රධාන වශයෙන් තීරණය වන්නේ විශ්වාසය මත පදනම්ව බවයි.
එබැවින් පාර්ලිමේන්තු මන්ත්රීවරයා සඳහන් කළේ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳව වෙළඳපොළ තුළ ඇති විශ්වාසය ක්රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.
තවද හර්ෂ ද සිල්වා මහතා ප්රකාශ කර ඇත්තේ "අපේ රටට විතරක් නෙවෙයි යුද්ධය බලපාලා තියෙන්නේ. ට්රම්ප්ගේ අලුත් බද්දෙන් ලංකාවට තවත් බද්දක් වදින්න ඉඩ තියෙනවා. වෙනත් රටවලට එහෙම වෙලා නෑ. ඒකට හේතුව ඔවුන් අමෙරිකාව සමග ගිවිසුම් ගත වෙලා ඉන්නවා. අපි ගිවිසුම් ගත වෙනවා කිව්වට ඒක වුණේ නැහැ"