නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග
රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ නැරඹීම තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නැවත නිල ලෙස නිල්දිය පොකුණ නැරඹීමේ අවස්ථාව විධිමත් ආකාරයට ආරම්භ කරන තෙක් එය නැරඹීමට ඇතුළුවීම සපුරා තහනම් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව සඳහන්.
එසේම ඇතැම් පුද්ගලයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව සංචාරකයින් නිල්දිය පොකුණ නැරඹීමට රැගෙන යන බැවින් මෙම තීරණය ගෙන ඇති බව පවසයි.
ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කරන නිසි බලපත්‍රයක් නොමැතිව, නිල්දිය පොකුණ සංචාරක කටයුතු වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයෙකුගේ සහභාගීත්වයකින් තොරව කිසිදු සංචාරයකයෙක් එම ප්‍රදේශයට ඇතුළු නොකරන ලෙස දැනුම්දී ඇත.
මේ අතර ඉකුත් දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රාවණා ඇල්ල අභය භූමියේ පිහිටා ඇති නිල්දිය පොකුණ විධිමත් රාජ්‍ය නියාමන ක්‍රමවේදයක් යටතේ සංචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ නව නීති හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
අඳාළ උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව අදාළ නීති හා රෙගුලාසිවලට අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.