ආපදා කළමනාකරණය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පෙරවරුවේ පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

වර්තමානය වන විට මුහුණ දෙන උණුසුම් කාලගුණික තත්ත්වය සහ අධික වැසි තත්ත්වය පිළිබඳව සිදු කර ඇති පුරෝකථන දත්ත තවදුරටත් විශ්ලේෂණය කරමින්, මෙමගින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි - නඩුව යළි කැඳවීමටත් දින දෙයි

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි - නඩුව යළි කැඳවීමටත් දින දෙයි

එම වාර්තාව මගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය කිරීමට සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැලසුම් යාවත්කාලීන කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළේය.

විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි - හේතුව මෙන්න

විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි - හේතුව මෙන්න