ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – හෙට වනවිට 'ප්‍රබල සුළි කුණාටුවක්' වීමේ අවදානමක්

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වාත්, අනතුරුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද  සවස 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියට අනුව, මෙම පීඩන අවපාතය අද පෙරවරු 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 620ක් පමණ දුරින් ස්ථානගතව පැවත තිබෙනවා

 මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර, අද සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සඳහන්.

එමෙන්ම හෙට (නොවැම්බර් 17) දිනය වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී එය ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා.

දිවයිනේ කාලගුණ තත්ත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති අතර, බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

බෙංගාල බොක්ක කැළඹෙයි - හෙට සවස සුළි කුණාටුවක්? – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

බෙංගාල බොක්ක කැළඹෙයි - හෙට සවස සුළි කුණාටුවක්? – කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

Gallery