ඔලිම්පික් පදක්කමක් දිනාගත්තොත් කෝටි 10ක්! - ක්‍රීඩා ඇමතිගෙන් තීරණයේ වෙනසක් නැහැ

Report

ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට ලබාදීමට ප්‍රකාශයට පත් කර ඇති රුපියල් මිලියන 100ක මූල්‍ය ත්‍යාගය, ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන වර්ෂය කුමක් වුවද ඒ ආකාරයෙන්ම ලබාදීමට කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඕනෑම තරගාවලියකදී එවැනි ජයග්‍රහණයක් අත්කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ ත්‍යාග මුදල ලබාදිය හැකි වන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද ඔහු පැවසීය.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා සකස් කර ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බවත්, ක්‍රීඩකයන් ජයග්‍රහණය කළ පසුව පමණක් ත්‍යාග මුදල් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවට ඒ සඳහා පෙර සිටම අවශ්‍ය ප්‍රතිපත්තිමය පසුබිම සකස් කිරීම වැදගත් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

හානි වූ හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට ස්වීඩනයෙන් ඉහළම තත්ත්වයේ හෙල්ල පහක් ගෙන්වයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් පරිත්‍යාග කරයි

හානි වූ හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට ස්වීඩනයෙන් ඉහළම තත්ත්වයේ හෙල්ල පහක් ගෙන්වයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් පරිත්‍යාග කරයි

එමෙන්ම 2025 සහ 2026 වසරවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරන බවද පැවසීය.

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,900කට පමණ මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

තවද, විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබාදීම සඳහා විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, මේ වන විටත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට විදේශීය පුහුණුවීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්‍රම් ප්‍රශ්න කරයි

වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්‍රම් ප්‍රශ්න කරයි