දීමනා ගැටලුව උඩුදුවයි - අනිද්දා වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක
දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අනිද්දා (18) වැනිදා සියලු විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි.
එම සංගමයේ සභාපති රංග මීගොඩ අද (16) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.