2026 අයවැයෙන් පොරොන්දු ඉටු කළේ 40%ටත් අඩුවෙන් - චමින්ද විජේසිරිගෙන් අණ්ඩුවට ප්‍රහාරයක්

Report

2026 අයවැයෙන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය සියයට 38%ත් 40%ත් අතර මට්ටමක පවතින බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රජයේ ක්‍රියාකලාපය විවේචනය කර තිබේ.

අද (16) සඳුදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රශ්න කළේ, 2026 අයවැයෙන් ඉදිරිපත් කළ පොරොන්දු නිසි ලෙස ඉටු කර නොමැති පසුබිමක 2027 අයවැයෙන් ඉදිරිපත් කරන පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නයි.

“දැන් මේ අයවැය කියන්නේ මේ රටේ ජනතාවගෙන් වක්‍ර හා සෘජු බදු වලින් එකතු කරලා... එදා රාජපක්ෂලා මැදමුලනෙන් ගෙනාවේ නැහැ. අර රනිල් වික්‍රමසිංහලා එයාලගේ ගෙදරින් ගෙනාවේ නැහැ. දැන් අනුර කුමාර මහත්තුරු ඇතුළු තමුන්වහන්සේලා එයාලගේ ගෙදරින් ගේන්නේ නැහැ. පැලවත්තෙන් ගේන්නේ නැහැ. මේ ආදායම් ටික එකතු කරලා ඒ ආදායම වියදම් වෙන්න ඕනේ. හරිනම් සාර්ථක අයවැයක් විදිහට 2026 ක්‍රියාත්මක කළා, ඔන්න ජනතාවට දුන්නා. ඒ 2026 කියපුවා රටේ ජනතාවට අමතක වෙලා නැහැනේ. මෙයාලා මැරිලා ඉපදුනාට 100ට 38යි, 40යි, 2026 අයවැයේ ප්‍රගතිය. ගරු සභාපතිතුමිය, ජනාධිපතිතුමාගේ... විශ්වවිද්‍යාලයට ගිය අවුරුද්දේ වෙන් කරපු මුදලින් 100ට 3%යි වියදම් කරලා තියෙන්නේ, සුජීව සේනසිංහ ඇමතිතුමා. දැන් මේ 27 සුබ වෙයි, 27 අපි... හොඳට කරනවා, 27 තමයි අපි හරියට යන්නේ. 26 මොකුත්ම වෙලා නැත්නම්, 26ත් කරලා තියෙන්නේ බොරුවක් නම්, රඟපෑමක් නම්, රැවටීමක් නම්... ඔයාලා 27 කරන්නෙත් නැහැ, කරන්නත් බැහැ, කරන්නෙත් නැහැ නේද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිතුමා? රිලව් ගැනලා ඉවර වෙලා දැන් නන්නත්තාරයිනේ. දැන් බස්වල... රඟපානවා. ඕවා රඟපානකොට මිනිස්සු දන්නවා දැන් ඔයාලා දාන්නේ ෂෝ කියලා. ඒ නිසා ජනාධිපතිතුමාලා, ඔයාලා දැන් ජනතාවට පෙන්න ෂෝ දදා ඉඳලා හරියන්නේ නැහැ. ඒ ෂෝ දැන් ෂෝ බවට ජනතාව පිළිඅරගෙන ඉවරයි.”

බෙංගාල බොක්ක කැළඹිමක් අත ලග - ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක කැළඹිමක් අත ලග - ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

වැඩ අරඹන්නත් කලින්ම දඹුල්ලේ ශීත ගබඩා සංකීර්ණය සුද්ද කරයි - දැඩි ආරක්ෂාව තිබියදී සිදුවූ මහා සොරකම මෙන්න

වැඩ අරඹන්නත් කලින්ම දඹුල්ලේ ශීත ගබඩා සංකීර්ණය සුද්ද කරයි - දැඩි ආරක්ෂාව තිබියදී සිදුවූ මහා සොරකම මෙන්න