මැතිවරණ කොමිසමෙන් අලුත්ම තීරණයක්- මෙරට පිළිගත් දේශපාලන පක්ෂ ගණන 87 දක්වා ඉහළට – අලුතින් එක්වූ පක්ෂ 3 මෙන්න

Report

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7(5) උපවගන්තිය යටතේ නව දේශපාලන පක්ෂ තුනක් මැතිවරණ කටයුතු සඳහා පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, 2026 ඔක්තෝබර් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පිළිගැනීම ලබාදී තිබෙනවා.

ඒ අනුව, නව පිළිගත් දේශපාලන පක්ෂ තුන වන්නේ, අප ජනතා පෙරමුණ තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් දෙමළ ජාතික හරිත සංවිධානය මෙම පක්ෂ තුනට නව පිළිගැනීම ලබාදීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් පිළිගෙන ඇති සමස්ත දේශපාලන පක්ෂ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න

යුද බිය පහව යයි – ගෝලීය තෙල් මිල පහළට - ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් අලුත්ම තීරණය මෙන්න