ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

Report

2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගලයට පහරදුන් පසුකාලීනව, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ කොළඹ යූනියන් පෙදෙසේ හෝටලයට පහර දී හානි සිදුකළා යැයි චෝදනා ලැබූ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට, බරපතළ වැඩ සහිත වසර 2 බැගින් සිර දඬුවම් නියම කර ඒවා වසර 10 සිට 15 දක්වා අත්හිටුවන ලෙස මහාධිකරණය තීන්දු කළා.

 

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඒ සම්බන්ධ නඩුවේදී, හෝටලයට හානි කිරීම, වාහන දෙකකට හානි කිරීම සහ ලැප්ටොප් පැහැරගැනීම වැනි චෝදනා යටතේ විත්තිකරුවන් වරද පිළිගෙන, වන්දි ගෙවීමට සූදානම් බව නීතිඥයෝ සඳහන් කළහ.

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

රන් මිල අද දිනත් පියවරක් ඉහළට – පාරිභෝගිකයින් ව්‍යාකූලය්

සිද්ධියේදී හෝටලයට ගිනි තැබීමට උත්සාහ කළ බවත්, හිටපු අමාත්‍යවරයාගේ දියණිය කාමරයක සිටියදී බේරාගත් බවත් නීතිඥයෝ පැවසූහ. එම අවස්ථාවෙන් රුපියල් මිලියන 9ක් පමණ අලාභයක් සිදුවූ බව ද පැවසූ නීතිඥවරයා, වන්දිය භාරගැනීමට සේවාදායකයා කැමති නැති බවද උසාවියට දන්වා ඇත.

තරින්දිගේ කසාදෙ බොරුද? හැම කෙනාටම හොද වෙන්න බෑ සුභ පැතුම්වලට ස්තුතියි

තරින්දිගේ කසාදෙ බොරුද? හැම කෙනාටම හොද වෙන්න බෑ සුභ පැතුම්වලට ස්තුතියි

විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුවකු පෙර වැරදි නොමැති බවට අසත්‍ය පැමිණිලි කළ බවත්, ඔහු පසුව තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේ යැයිය. නඩුව යළි කැඳවීමට නියම වන්නේ අගෝස්තු 28 වන දිනයි.