ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළට

Report

දිවයිනේ දිස්ත්‍රික්ක 25කටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (05) පස්වරු 6.00ට නිකුත් කළ නවතම නිවේදනය අනුව පුද්ගලයින් 214ක් අතුරුදන් වී සිටී. මෙම ආපදා හේතුවෙන් පවුල් 586,464කට අයත් පුද්ගලයින් 2,082,195ක් පීඩාවට පත්ව සිටිති.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව, වැඩිම මරණ සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 232ක් වේ.

මේ දේවල් අහිමි වුණානම් රජයෙන් එක් පවුලකට රුපියල් කෝටියක්

මේ දේවල් අහිමි වුණානම් රජයෙන් එක් පවුලකට රුපියල් කෝටියක්

අනික් දිස්ත්‍රික්කවල මරණ සංඛ්‍යාවන් මෙසේය,

නුවරඑළිය: 89 බදුල්ල: 83 කුරුණෑගල: 61 කෑගල්ල: 30 පුත්තලම: 30 මාතලේ: 28 ආපදා හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් සංඛ්‍යාව: මහනුවර: 81 නුවරඑළිය: 35 කෑගල්ල: 41 බදුල්ල: 28 කුරුණෑගල: 11 එමෙන්ම, පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානහි රැඳී සිටින බව නිවේදනයේ සඳහන් වේ.

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි

ආපදාවෙන් අසරණ වූවන්ට රජයෙන් තවත් රුපියල් 50000ක් - ලැබෙන්නෙ මෙහෙමයි