ආපදාවෙන් විපතට පත් අයට UNDP එකෙනුත් සහන

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හමුවේ විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද ඉදිරිපත්ව ඇත.

ඒ වගේම ආපදාවට ලක්වූවන්ට සහනාධාර මෙන්ම ජීවනෝපාය ඉහළ නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කටයුතු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් 2022 / 2023 කොරෝනා සමයේ ද යළි ගොඩනැගීමේ කටයුතුවලට ද ඇමෙරිකා ඩොලර් මිලියන 6කට අධික මුදලක් ලබා දී තිබේ.

මෙම අවස්තාවේදී ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්වය හමුවේද ශ්‍රී ලංකාවට පහසුකම් සපයන බව  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිවේදනය කරයි.

ඒ අනුව ක්ෂණික ජීවනෝපාය සහන ,ප්‍රජා පිරිසිදු කිරීම් සදහා මුදල් , බලපෑමට ලක්වූ ප්‍රදේශවල ව්‍යවසායකයින් සඳහා ප්‍රධාන , වෙළදපලවල් සහ කෘෂිකාර්මික වත්කම් ප්‍රතිසංස්කරණය සදහා මෙමගින් කටයුතු කරනු ලබයි.

තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා සදහන් කරන්නේ සියලුම මැදිහත්වීම් ශ්‍රී ලංකා රජයේ සම්බන්ධීකරණ කර ගනිමින් එක්ව සිදු කරනු ලබන බවයි  .

ආපදාවට ලක් වූ ප්‍රදේශවල මේවා තහනම් - කළොත් දැඩි දඬුවම්

ආපදාවට ලක් වූ ප්‍රදේශවල මේවා තහනම් - කළොත් දැඩි දඬුවම්

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට