ඔබේ වාහනය විකුණන්න කලින් දැනගත යුතුම දේවල් මෙන්න..
නිවසක් හැරුණම වාහනය තමයි ඔබේ ලොකුම හීනය. වාහනයක් ගන්නේ අවුරුදු කිහිපයක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඉතින් මුදල් අවශ්‍යතා වලදී හෝ අලුත් වාහනයක් ගන්න ඕන වුණාම තියෙන වාහනය විකුණනවා. තවත් සමහරු ආසාවට කාලෙන් කාලයට වාහන මාරු කරනවා. ඒ කොහොම වුණත් Second Hand වාහනයක් විකිණීමේදී ඔබට වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද කියන්න යන්නේ.
වාහන වෙළදපොල
සාමාන්‍යයෙන් ඔබ වාහනයක් මිලදී ගද්දී අඩුවට බැලුවට විකුණන්න උත්සාහ කරන්නේ උපරිම මිලකට. හැබැයි වාහන වෙළඳපොල තීරණය වන්නේ ඔබේ වාහනය මතයි. වාහනයට අමතර කොටස් බහුල, service කරන ස්ථාන වැඩි, සුලභ වාහනයක් නම් ඔබේ වාහනයට ඉහළ වටිනාකමක් තියෙනවා. ඒ වගේම අමතරකොටස් අඩු, වාහනය service කරන්න දන්නා අය අඩු නම් වාහනය දෙන්න වෙන්නේ මිල අඩු මිලකට.
වැඩි මිලක්
එමෙන්ම ඔබේ වාහනයේ මිල නියම කරන විට ඔබ අපේක්ෂා කරන මිලට වඩා ටිකක් වැඩි මිලක් නියම කරන්න. ඒ විතරක් නෙවෙයි වාහනය විකිණීමට කලින් වාහනයේ අඩුපාඩු සහ ගෙවී ඇති කොටස් අලුතින් දාන්න. එතකොට ඔබට වැඩි ගාණකට විකුණාගන්න පුළුවන්. වාහනය ගැන විමසීම් කරත්දී ඔවුන් ගේ මිල ඔබේ අපේක්ෂිත මිලට වඩා අඩු නම් කලබල වෙන්න එපා. ඔබේ කතා බහ සහ ඔබ වාහනය ඔබේ මිලට විකුණන්නට හේතු වන කාරනා ඔවුන් හට පැහැදිලි කරදෙන්නට හැකි නම්, බොහෝ අවස්ථාවල ගනුදෙනුවේ ජය අත්වෙන්නේ ඔබටම තමා.
ඒ විතරක් නෙමෙයි වාහනය මිලදී ගන්න එන අයට ඔබේ වාහනයට සිදු කළ ඉහළ තත්වයෙන් නඩත්තු කිරීම, ඔබ වාහන service කරන ස්ථානය ගැන පවසන්න. එමඟින් ඔබ වාහනය ගැන දක්වන සැලකිල්ල සහ වාහනයේ තත්වය ගැන ඉතා ඉහල තක්සේරුවක් ඔවුන් තුළ ඇති වේවි. හැබයි ඔබ කොතරම් වාහනය ගැන සතුටු වුණත් ඔබේ ගනුදෙනුව නිත්‍යානුකුලව නිම කිරීමට වග බලාගන්න. මොකද එය ඔබටත් මිලදී ගන්න අයටත් වඩාත් පහසු වෙනවා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |