භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළට - රුපියල් බිලියන 80ක බිල්පත් අලෙවි වෙයි

Report

ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත සියලුම කල්පිරීම් කාණ්ඩවලදී ඉහළ ගොස් තිබේ. බදාදා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 80ක බිල්පත් සම්පූර්ණයෙන්ම අලෙවි වී ඇත.

රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ දත්ත අනුව, මාස 3ක භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලී අනුපාතය පදනම් අංක 5කින් ඉහළ ගොස් සියයට 9.25ක් වී තිබේ. එම බිල්පත් සඳහා රුපියල් බිලියන 35ක් ඉදිරිපත් කර තිබූ අතර, රුපියල් බිලියන 41.87ක බිල්පත් අලෙවි වී ඇත.

මාස 6ක භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලී අනුපාතය පදනම් අංක 4කින් ඉහළ ගොස් සියයට 9.41ක් වී තිබේ. ඒ සඳහා රුපියල් බිලියන 25ක් ඉදිරිපත් කර තිබූ අතර, රුපියල් බිලියන 28.9ක බිල්පත් අලෙවි වී ඇත.

මේ අතර, මාස 12ක භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය පදනම් අංක 2කින් ඉහළ ගොස් සියයට 9.95ක් වී තිබේ. එම කල්පිරීම සඳහා රුපියල් බිලියන 20ක් ඉදිරිපත් කර තිබූ නමුත්, අලෙවි වී ඇත්තේ රුපියල් බිලියන 9.2ක බිල්පත් පමණි. මෙම භාණ්ඩාගාර බිල්පත් කාණ්ඩ තුනම ඉදිරියටත් ‘On Tap’ ක්‍රමය යටතේ මිලදී ගැනීමට අවස්ථාව පවතී.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

සෞදියේ මෙට්‍රෝ රැකියාව දාලා ලංකාවේ මෙට්‍රෝ පදින්න ආපු තරුණයා - “අපිට උගන්වලා තියෙන්නේ මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව”

සෞදියේ මෙට්‍රෝ රැකියාව දාලා ලංකාවේ මෙට්‍රෝ පදින්න ආපු තරුණයා - “අපිට උගන්වලා තියෙන්නේ මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව”