ශ්‍රී ලංකාවට පැමිණි ජනප්‍රිය නළු සූරිට වැල්ලවත්තේදී උණුසුම් පිළිගැනීමක් [VIDEO]
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සූරි සිය නවතම චිත්‍රපටය වන Mandaadi ප්‍රදර්ශනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහුට වැල්ලවත්ත ප්‍රදේශයේදී රසිකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබේ. ශ්‍රී ලංකාවේදී Mandaadi චිත්‍රපටය නැරඹීම සඳහා සිනමාහලකට පැමිණි අවස්ථාවේදී සූරිව දැකගැනීම සඳහා විශාල පිරිසක් එක්ව තිබූ බව වාර්තා වේ.
එහිදී මාර්ග දෙපස රැස්ව සිටි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සූරිට උද්යෝගයෙන් පිළිගැනීමක් ලබාදී ඇති අතර, ඔහුද මෝටර් රථයෙන් බැස එම රසිකයන්ගේ ආදරය සහ උණුසුම් පිළිගැනීම සතුටින් භාරගෙන තිබේ. අනතුරුව සූරි සිනමාහලේදී රසිකයන් සමඟද අදහස් හුවමාරු කරගෙන තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ Mandaadi චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය පිළිබඳව ඔහු සිය සතුට පළ කර තිබේ.
සූරිගේ නවතම චිත්‍රපටය වන Mandaadi සැප්තැම්බර් 10 වැනිදා සිනමාහල් වෙත නිකුත් වූ අතර, එය දකුණු ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවලද ප්‍රදර්ශනය කෙරෙමින් පවතී.
රන්වීර් සිංගේ කමිස රහිත ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹයි - “41 හැවිරිදි රන්වීර් දරුවන් දෙදෙනෙකුගේ පියෙක් කියලා කියන්නත් බැහැලු?”
අධ්‍යක්ෂ මතිමාරන් පුගළේන්දිගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය තමිල්නාඩු වෙරළ ආශ්‍රිතව පැවැත්වෙන සාම්ප්‍රදායික රුවල් බෝට්ටු තරගයක් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබේ. චිත්‍රපටයේ සූරි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, මුහුද ආශ්‍රිතව සිදුකළ රූගත කිරීම් හේතුවෙන් මෙය අභියෝගාත්මක නිෂ්පාදනයක් වූ බවද වාර්තා වේ.
සූරි මීට පෙර ජනප්‍රිය විකට නළුවෙකු සහ සහාය නළුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අතර, Viduthalai Part 1, Garudan සහ Maaman වැනි චිත්‍රපට හරහා ප්‍රධාන චරිත නිරූපණයටද පිවිස තිබේ. Mandaadi ඔහු ප්‍රධාන චරිතයෙන් දායක වන තවත් චිත්‍රපටයකි.
මේ අතර, ජනප්‍රිය ඉන්දීය නළු රජිනිකාන්ත්ද Mandaadi චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව සූරිට දුරකථනයෙන් කතා කර සිය ප්‍රශංසාව පළ කර තිබූ බව සූරි මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබුණි.
ශ්‍රී ලංකාවේදී තමන්ට ලැබුණු ආදරය සම්බන්ධයෙන්ද සූරි සිය සතුට පළ කර ඇති අතර, Mandaadi චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකා රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය තමන් අපේක්ෂා කළ මට්ටමට වඩා ඉහළ බව ඔහු සඳහන් කර තිබේ.