සෞදියේ මෙට්‍රෝ රැකියාව දාලා ලංකාවේ මෙට්‍රෝ පදින්න ආපු තරුණයා - “අපිට උගන්වලා තියෙන්නේ මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව” [VIDEO]

Report

සෞදි අරාබියේ මෙට්‍රෝ සේවයේ රැකියාවක නිරතව සිට පසුව ශ්‍රී ලංකාවේ නව මෙට්‍රෝ බස් රථ සේවයට එක්වූ තරුණයෙකු පවසන්නේ, මෙම සේවයේදී මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

එහිදි අදහස් දැක්වු තරුණයා

 “රක්ෂාව ගැන සතුටුයි. මම කලින් හිටියෙත් සෞදියේ මෙට්‍රෝම තමා දිවිවේ. දැන් ඒතකොට ඒ Experience එක, මේකේ අර එහේ තියෙන දේම ලංකාවේත් දැන් මේකේ අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. වැඩි හරියක් මේකේ අපිට උගන්වලා තියෙන්නේ මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව තමා. මේකේ ප්‍රධානම එක අපිට උගන්වලා තියෙන්නේ කොහොමත්. ඒ කියන්නේ Brake පාරක් අපි Brake කළාත් ඒකත් අර හරි ආකාරව හිමින් කරන්න තමා. ඒ හැමදේම අපිට පුහුණුව ලබාදීලා තියෙනවා මේකේ. වැඩි හරියක්ම තියෙන්නේ මගීන්ගේ ආරක්ෂාව තමා. ප්‍රධානව ආරක්ෂාව, සුවපහසුව තමා අපිට පුහුණුව ලබාදීලා තියෙන්නේ. අපිට මේකේ රේස් යන්න දෙයක් නැහැ. අපිට වේලාව දීලා තියෙනවා. ඒ වේලාව ඇතුළත අපිට පටන් ගත්තාම එක අවසානය දක්වා යෑම, ගමන් කිරීම තමා අපිට බලාපොරොත්තුව. එහෙම නැතිව රේස් යන එක අපිට කොහොමත් මේකේ කරන්නේම නැහැ අපි. ආබාධිත කෙනෙක් නැග්ගොත් අපි කොහොමත් වාහනය නවත්වලා මේ වාහනය Leaning ඇල කරන්න පුළුවන්. ඒ කියන්නේ රෝද පුටුවෙන් ආවොත් Leaning කරලා, අපි ඩ්‍රයිවර්, ඔපරේටර් සහ Assistant දෙන්නාම බහින අවස්ථාවලුත් තියෙනවා. නැත්නම් එක්කෙනෙක් බැහැලා හරි ඒ ආබාධිත තැනැත්තාට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සහයෝගය උපරිමයෙන්ම අපි ලබා දෙනවා. මේ බස් හැමදාම අපි, ඒ කියන්නේ ඩියුටිය එක ඉවර කර ගමන් හැමදාම සුද්ධ පවිත්‍රි කරලා ඇතුළවල් සේරම වෙනම Maintainers ඉන්නවා. ක්ලීන් කරලා ඒ දේවල් හැමදාම ඩේලි කරනවා. එතකොට අපි ඩ්‍රයිවර්, රියදුරු විදිහට අපිත් කොහොමත් අපේ දෙයක් වගේ තමා අපි ආරක්ෂා කරන්නේ මේක.”

ඉන්ධන හිඟයක් එයිද? ඇමෙරිකාවේ අලුත් තීරණයත් එක්ක ඛනිජ තෙල් සභාපති ජනතාවට දුන් වැදගත්ම පණිවුඩය

ඉන්ධන හිඟයක් එයිද? ඇමෙරිකාවේ අලුත් තීරණයත් එක්ක ඛනිජ තෙල් සභාපති ජනතාවට දුන් වැදගත්ම පණිවුඩය

හෙට දිනයේ දරුවන්ට රජයෙන් නොමිලේ - මේ වයසේ දරුවන් සඳහා ලෝක ළමා දිනය වෙනුවෙන්

හෙට දිනයේ දරුවන්ට රජයෙන් නොමිලේ - මේ වයසේ දරුවන් සඳහා ලෝක ළමා දිනය වෙනුවෙන්