ගුවන් යානයක් හදිසියේ වෙනත් ගුවන් තොටුපළකට හරවා යවයි - කුටිය ඇතුලේ පිහි ඇනුමක්

By Mithu Sep 30, 2026 11:20 AM GMT
Report

ඩුබායි සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ වෙනත් ගුවන් තොටුපළකට හරවා යැවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මගීන්ගේ ප්‍රකාශ පදනම් කරගත් අලුත්ම තොරතුරු විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තා ස සඳහන් වන්නේ, පියාසර කරමින් තිබූ ගුවන් යානයේ නියමු කුටිය තුළ සිටි එක් නියමුවෙකු විසින් අනෙක් නියමුවාට පිහියෙන් ඇන ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විශ්වාස කෙරෙන බවයි.

රනිල් වික්‍රමසිංහගේ නඩුව අස්සේ උසාවිය ළඟ වුණු කලබලය - ජනාධිපති ආරක්ෂකයාගේ හිසට කැමරාකරුවෙකුගෙන් පහරදීමක්

රනිල් වික්‍රමසිංහගේ නඩුව අස්සේ උසාවිය ළඟ වුණු කලබලය - ජනාධිපති ආරක්ෂකයාගේ හිසට කැමරාකරුවෙකුගෙන් පහරදීමක්

සිද්ධියත් සමඟ වහා ක්‍රියාත්මක වූ ගුවන් යානයේ මගීන් මැදිහත් වී ප්‍රහාරය එල්ල කළ බව කියන නියමුවා නියමු කුටියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

අනතුරුව ගුවන් යානයේ පසුපස අසුන්ගෙන මගීන් ලෙස ගමන් කරමින් සිටි වෙනත් නියමුවන් දෙදෙනෙකු විසින් ගුවන් යානයේ පාලනය භාරගෙන යානය සුරක්ෂිතව ගොඩබස්වා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු

තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තු