දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්

Report

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මෙරට කිලෝමීටර් 600ක මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබේ.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ මෙම මුදල් අනුමත වී ඇති අතර, සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය සේවා, වෙළෙඳපොළ සහ පාසල් වෙත ප්‍රවේශ වීම යථා තත්ත්වයට පත්කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප

එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප

මෙම නව අරමුදලත් සමඟ ශ්‍රී ලංකාවේ 'Inclusive Connectivity and Development' ව්‍යාපෘතිය තවත් වසර 3කින් දීර්ඝ වන අතර, ප්‍රවාහන සම්බන්ධතා වෙනුවෙන් ලෝක බැංකුව සිදුකර ඇති සමස්ත ආයෝජනය ඩොලර් මිලියන 610 දක්වා ඉහළ යනු ඇත.

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

හිටපු ජනපති රනිල් අධිකරණයට එයි

මෙම ව්‍යාපෘතිය යටතේ නායයෑම් වැළැක්වීම් සහ නවීන ජලාපවහන පද්ධති සහිතව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි මාර්ග නැවත ගොඩනැඟීමට නියමිතය.

මෙමගින් දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවකට ප්‍රතිලාභ හිමිවන අතර, නව රැකියා 5,671ක් සහ ගොවීන් 22,000කට ආසන්න පිරිසකට සිය සැපයුම් දාම යළි සම්බන්ධ කරගැනීමේ අවස්ථාව හිමිවේ.

දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට පමණක් සිදු වූ සමස්ත හානිය ඩොලර් මිලියන 973ක් ලෙස ඇස්තමේන්තු කර තිබිණි.