සෞදියේ මරණ දඬුවම හිමිවූ අනෝජන් නිදහස් කරගැනීමට හින්දු පූජක සංගමය පෙරට
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.
ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංගමයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සංදේශය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.
රනිල් වික්‍රමසිංහගේ නඩුව අස්සේ උසාවිය ළඟ වුණු කලබලය - ජනාධිපති ආරක්ෂකයාගේ හිසට කැමරාකරුවෙකුගෙන් පහරදීමක්
සංදේශය භාරගනිමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, සෞදි අරාබියේ රැඳවුම් භාරයේ පසුවන සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මේ වන විටත් රජය විසින් සිදු කරමින් පවතින බවයි.