හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට වැඩ වරදී - අල්ලස් කොමිසමෙන් නොතීසි නිකුත් වේ
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනෙකුට, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර ඇත.
ඊයේ (29) හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර එහිදී අදාළ කරුණු පෙන්වා දීමෙන් අනතුරුව මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනාට ලබන මස 09 වනදාට පෙර ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමිවේ. නීතිඥවරු මාර්ගයෙන් ඔවුන්ට කොමිෂම හමුවේ සාක්ෂි ගොනු කිරීමේ හැකියාව පවතින අතර, කොමිෂන් සභාව මගින් මේ දක්වා විමසන ලද සාක්ෂිවල සටහන් ද ලබා ගැනීමේ හැකියාව පවතියි.
[ZLAYH2R ]
ගල් අඟුරු කොමිසමට ඊයේ මෙලෙස කැඳවනු ලැබූ පිරිස අතරට අමාත්‍යාංශ ලේකම්වරුන් හා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද අයත් වන අතර ලක්විජය බලාගාරයේ ගණකාධිකාරවරයා ද ඊයේ මෙලෙස කැඳවා ඇත.
මෙම කොමිෂන් සභාවේ කාලය ලබන මස 16 වනදායින් අවසන් වීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම කොමිසමේ සභාපතිත්වය දරණ අතර අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සෙසු සාමාජිකයින් වේ. පසුගිය මාස කිහිපය පුරා හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 204 දෙනෙකු මෙම කොමිසම හමුවට කැඳවා ඇති අතර ප්‍රකාශ 370 ක් සටහන් කරගෙන ඇත.