“පොහොට්ටුවේ මන්ත්‍රීලා තානාපති කාර්යාලවලට දුක කියන්න යනවද?” - නලින්ද පිළිතුරු දෙයි
අධිකරණය මගින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විදේශ තානාපති කාර්යාල වෙත කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දැක්විය.
“රටේ නීතියක් තියෙනවා. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ රටේ තියෙන නීතියට අනුකූලව. පොලිසිය හෝ FCID එක හෝ CID එක හෝ අල්ලස් කොමිසම හෝ විමර්ශන සිදු කරලා, අධිකරණයට කරුණු වාර්තා කරලා, ඒ අනුව තමයි මේ සියලු ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ඇප දෙන්නෙත් අධිකරණය, බන්ධනාගාරගත කරන්නෙත් අධිකරණය. ඒවා අධිකරණ කටයුතු. රටේ ස්වාධීන අධිකරණයක් පවතිනවා. ඒ අධිකරණයේදී මේ චූදිතයන්, නැත්නම් සැකකරුවන්ට නීතිඥවරුන් මාර්ගයෙන් තමන් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම කරලා තමයි අවසානයේ අධිකරණය ඒ සියලු කරුණු සලකා බලලා, නීතියට අනුකූලව තමයි ඒ මොහොතේදී තීන්දු ලබා දෙන්නේ. මං දැක්කා ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරලා තිබුණේ මේ අධිකරණයෙන්ම. ඉතින් අධිකරණය ඒ පවතින සාක්ෂි අනුව කටයුතු කරනවා. ඒක රජය, ආණ්ඩුව හැටියට කිසිම මැදිහත්වීමක් කරන්නේ නැහැ. ආණ්ඩුව කරන්නේ නීතිය ශක්තිමත්ව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් හදන එක. ඒක තමයි ආණ්ඩුවේ කාර්යභාරය ඉතින්. කමක් නැහැ ඉතින්, කාට හරි හිතෙනවා නම් තමන්ගේ නීතිඥවරු හරහා කරුණු පැහැදිලි කරාමත් ඒක මදි කියලා, මානව හිමිකම් ඒකට හරි, තානාපති කාර්යාලවලට හරි, කොහේ හරි ගිහිල්ලා එගොල්ලොන්ට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්නේ. ඉතින් සාමාන්‍යයෙන් එහෙම කරන ක්‍රියාවලියක් තියෙනවානේ. ඒක කරාට කමක් නැහැ. නමුත් රටේ පවතින නීතියට අනුව තමයි මේ කටයුතු සිදු වෙන්නේ කියන එක මං හිතන්නේ ජාත්‍යන්තරයත් දැන් දන්නවා, තානාපති කාර්යාලයත් දන්නවා.”