ලංකාවට එන දුරකථන , Routers හා තාක්ෂණික උපාංග වෙනුවෙන් අලුත්ම පද්ධතියක් - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Report

මෙරටට ආනයනය කරනු ලබන Mobile Phones, Routers සහ IoT Devices ඇතුළු විදුලි සංදේශ උපකරණ සඳහා රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, පහසු හා විධිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ස්වයංක්‍රීය Online වේදිකාවක් ඔස්සේ ක්‍රියාත්මක වන උපකරණ නිෂ්කාශන පද්ධතියක් (ECS) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මුදිත ගුණසිංහ මහතා පවසයි.

සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වල නව වැඩපිළිවෙක් - අගමැතිනි හරිනිගේ පැහැදිලි කිරීම

සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වල නව වැඩපිළිවෙක් - අගමැතිනි හරිනිගේ පැහැදිලි කිරීම

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. විදුලි සංදේශ උපකරණ මෙරටට ආනයනය කර භාවිතයට ගැනීමේදී අදාළ නියාමන ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවත්, පසුගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ හා තාක්ෂණික උපකරණවල විවිධත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඒ අනුව එම උපකරණ නිෂ්කාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අදාළ නිර්දේශ ආනයන හා අපනයන පාලකවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු අදාළ ආයතන වෙත ලබාදිය යුතු අතර, එම ආයතන මගින් උපකරණ මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන බවද ඒ මහතා පැවසුවේය.

නාමල් වෙනුවට ලිමිණි වේදිකාවට? ඊළග ජනාධිපති අපේක්ෂක ලිමිණිද? ලිමිණිගේ පියා තොරතුරු හෙළි කරයි

නාමල් වෙනුවට ලිමිණි වේදිකාවට? ඊළග ජනාධිපති අපේක්ෂක ලිමිණිද? ලිමිණිගේ පියා තොරතුරු හෙළි කරයි

මෙතෙක් පැවති ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් අවස්ථාවල නිර්දේශ ලබාදීම ඇතුළු කටයුතුවලදී ප්‍රායෝගික අපහසුතා මතුවූ බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා, නව තාක්ෂණය උපයෝගී කරගනිමින් හඳුන්වා දී ඇති මෙම ස්වයංක්‍රීය උපකරණ නිෂ්කාශන පද්ධතිය මගින් එම ක්‍රියාවලිය වඩාත් පහසු, කාර්යක්ෂම හා විධිමත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.

මෙම පද්ධතිය හරහා උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට හෝ ආයතනවලට Online ක්‍රමවේදය ඔස්සේ පද්ධතියට සම්බන්ධ වී තමන්ට හෝ අදාළ ආයතනයට වෙනම පැතිකඩක් (Profile) සකස් කරගෙන අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව පවතින බවද ඒ මහතා පැවසුවේය.

පර්යන්ත විදුලි සංදේශ උපකරණ සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පද්ධතිය මූලික වශයෙන් එවැනි උපකරණ සම්බන්ධ නිෂ්කාශන කටයුතු සඳහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවද අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ. මෙම පද්ධතිය යටතේ ප්‍රධාන සේවාවන් තුනක් ලබාදෙන අතර, පළමු සේවාව ලෙස ආදර්ශ අනුමැතිය (Type Approval) ලබාදීම සිදු කළේය.

එමගින් ආනයනය කිරීමට නියමිත උපකරණ ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීමට සුදුසුද යන්න පරීක්ෂා කර අනුමැතිය ලබාදීම සිදු කළා. දෙවන සේවාව ලෙස IMEI අංකය සහිත උපකරණ නිෂ්කාශනය කිරීම සිදු කෙරෙන අතර, තෙවන සේවාව ලෙස අන්තර්ජාලය භාවිත කරමින් දත්ත ලබාගන්නා නමුත් IMEI අංකයක් නොමැති උපකරණ සඳහා නිෂ්කාශනය ලබාදීම සිදු කෙරෙන බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නා. එමෙන්ම කෙටි කාලයක් සඳහා මෙරටට ගෙන එනු ලබන ඇතැම් උපකරණ ප්‍රතිඅපනයනය කිරීමේදී අවශ්‍ය පහසුකම් සැලසීමටද මෙම පද්ධතිය හරහා හැකියාව පවතින බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.