වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ප්‍රබලයෙකුට මාරු වීමක්

By Sewvandhi Jan 05, 2022 01:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව අදාළ තනතුර සඳහා පත් කරනු ලැබුවේ 2020 වර්ෂයේ මැයි මස 09 වැනි දිනයි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව බවයි එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක වූ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න 2020 වසරේ මැයි 23 වැනි දින නිකුත් කළ පොලිස් මාධ්‍ය නිවේදනය දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now