ඔබත් රැකියා සඳහා විදෙස්ගත වනවා නම් මේ දේ ඔබ වෙනුවෙන්මයි.

Sri Lanka Foreign Employment Bureau
By krishani Jul 29, 2023 06:53 AM GMT
krishani

krishani

Report

විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ විදේශ ගත වන්නන් සඳහා වන පුහුණු පාඨමාලා මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

පසුගිය දිනෙක එම කාර්යංශය සමඟ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට අත්සන් ද තැබිණ.

මේ අතර දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 206 න් 107 ක් මේ සඳහා යොදවා ඇති අතර සෑම මධ්‍යස්ථානයකම තවත් පාඨමාලා 50% කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කිරීමට නියමිතයි.

එමෙන්ම තවත් 4,000 කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට හැකියාව පවතින බව‍ විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 0117 277 888 සහ 0117 270 270 යන දුරකතන අංක ඔස්සේ ලබා ලබා ගත හැකිය.

ReeCha