ඇඳිරි නීතිය අද(13) පෙරවරු හයේ සිට පැය හතක කාලසීමාවකට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනය අද පෙරවරුවේ ආරම්භ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඒ අනුව දුම්රිය ගමන් වාර 102ක් ධාවනයට එක් කර තිබෙන අතර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, දුම්රිය සේවකයන් රාජකාරියට වාර්තා කිරීමත් සමඟ අද පෙරවරුවේ සිට කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය වෙමින් පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |