බෙල්ජියමෙන් නවසීලන්තයට ගෝල වැස්සක් - 5 -1ක දැවැන්ත ජයක්
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ Group G තරගයක් ලෙස පැවති නවසීලන්තය සහ බෙල්ජියම අතර තරගයෙන් බෙල්ජියම දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේය.
වන්කුවර්හි BC Place ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය 5 -1 ලෙස බෙල්ජියමට වාසිදායකව අවසන් වීමත් සමඟ ඔවුන් කණ්ඩායම් ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් තහවුරු කර ගත්තේය.
බෙල්ජියම වෙනුවෙන් කෙවින් ඩි බෲයින් 11 වැනි මිනිත්තුවේදී ප්‍රථම ගෝලය වාර්තා කළේය.
ඉන් අනතුරුව යැන්ඩ්‍රෝ ට්‍රොසාර්ඩ් 17 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය ලබා ගැනීමට සමත් විය.
තුන්වන ගෝලය රොමේලු ලුකාකු විසින් 38 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමත් සමඟ බෙල්ජියම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් වෙත ගත්තේය.
නවසීලන්තය වෙනුවෙන් සැනසිලිදායක ප්‍රථම ගෝලය එලියා ජස්ට් විසින් 45+2 වැනි මිනිත්තුවේදී (පළමු අර්ධයේ අතිරේක කාලයේදී) වාර්තා කළේය.
බෙල්ජියම් කණ්ඩායම වෙනුවෙන් නැවත ක්‍රියාත්මක වූ ලියැන්ඩ්‍රෝ ට්‍රොසාර්ඩ් 61 වැනි මිනිත්තුවේදී සිය දෙවන ගෝලයද වාර්තා කළේය. අවසානයේ ඇලෙක්සිස් සේලෙමකර්ස් 78 වැනි මිනිත්තුවේදී පස්වන ගෝලය වාර්තා කිරීමත් සමඟ තරගය 5 -1 ලෙස බෙල්ජියම ප්‍රබල ජයග්‍රහණයකින් අවසන් විය.