දුම්රියක් පීළි පනියි - ජනතාවට දැනුම්දීමක්..

Sri Lanka Sri Lanka Railways Train Crash Department of Railways Railways
By krishani May 12, 2023 05:43 AM GMT
krishani

krishani

Report

අද (12) පෙරවරුවේ, ත්‍රිකුණාමලයේ සිට තිරිඟු පිටි ප්‍රවාහනය කළ දුම්රියක් මහව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීළි පැනීමට ලක් විය.

මෙම දුම්රිය, දුම්රිය අංගනය තුළ දී පීලිපැනීමට ලක් වී ඇති හෙයින් දුම්රිය ගමනාගමනයට බාධාවක් නොමැති බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ ය.

කෙසේවෙතත්, දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර, දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අවසන් විය.

ඒ හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වූ අතර දූෂිත ක්‍රියාවල නිරත වූ බව කියන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) පත්කිරීම සම්බන්ධයෙන් මෙම වර්ජනය දියත් කෙරුණේ.

එම වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය පහක් අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

එහි සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ, සිය ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතියේ දී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බවයි.

කෙසේවෙතත් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි, මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ කියා සිටියේ වෘත්තීය සමිති තමන් ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join